මයිකල් ක්ලාක්ට මහරැජිණගෙන් ගෞරව පදවියක්

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් සහ හිටපු ක්‍රීඩිකාවක වන Lyn Larsen ට ගෞරව පදවියක් පිරිනමා තිබෙනවා.

ඒ, මහරැජිණගේ උපන් දිනය වෙනුවෙන් නිකුත් කළ ගෞරව නාම ලේඛනය තුළින්.

ඒ අනුව සුවිශේෂී සේවාවක් හෝ සුවිශේෂී ජයග්‍රහනයක් ලබා ගත් ඔස්ට්‍රේලියානුවන් ඇතුළත් කෙරෙන Order of Australia හි (General division) සාමාන්‍ය අංශයේ නිළධාරියෙකු (an Officer) ලෙස මයිලක් ක්ලාක් නම් කර ඇති අතර, Lyn Larsen නම් කර ඇත්තේ එහි සාමාජිකාවක් (a member) ලෙසයි.

ක්‍රීඩකයෙකු ලෙස ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවාව වෙනුවෙන් මෙන්ම ජනතාව වෙනුවෙන් කළ සේවාව ඇගයීමට ලක් කර මෙම ගෞරව පදවිය මයිකල් ක්ලාක් වෙනුවෙන් පිරිනමා ඇති බව සදහන්.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ඇලන් බෝඩර්, රිකී පොන්ටින්, ග්ලේන් මැක්ග්‍රාත්, ස්ටීව් වෝ, බෙලින්ඩා ක්ලාක්,  ඇතුළු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට වැඩි පිරිසක් මෙම ගෞරව පදවි සදහා මීට පෙර නම් කර තිබෙනවා.

You might also like