මයාන්ක් යාදව්ට කෝටි 11 ක් අහිමි වෙයිද?

ලක්නව් සුපර් ජයන්ට්ස් වේග පන්දු යවන ක්‍රීඩක මයාන්ක් යාදව්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අර්ධයේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු මේ වන විට ආබාධයකින් සුවය ලබමින් සිටින බවයි ක්‍රික්ඉන්ෆෝ වෙඩ් අඩවිය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඔහු මේ වන විට සිය පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.
ඔහුට යළි තරග බිමට පිවිසිය හැකි දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ලක්නව් කණ්ඩායම විසින් මයාන්ක් යාදව් මෙවර තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 11 ක මුදලකටයි සිය සංචිතයේ රදවා ගැනීමට කටයුතු කර තිබුණේ.