Ultimate magazine theme for WordPress.

මම ඒක කරන්න පටන් ගත්තේ අජන්ත මෙන්ඩිස් නිසා : ඉමාඩ් වසීම්

තමා කැරම් පන්දුව යොමු කිරීමට පෙළඹුණේ ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් එම පන්දුව යොමු කරනු දැකීමෙන් අනතුරුව බව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ඉමාඩ් වසීම් පවසනවා.

තමා එම පන්දුව යොමු කරන ආකාරය පළමුව දුටුවේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීම තුළින් බවයි ඔහු සදහන් කළේ.

ජගත් ක්‍රිකට් කවුන්සලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉමාඩ් වසීම් ඒ බව සදහන් කළා.

“මෙන්ඩිස් ඇගිල්ලෙන් පන්දු යවනවා වගේම දෙපැත්තටම දග කවනවා. එය පුදුම සහගතයි” යනුවෙන් පාකිස්තාන දග පන්දු යවන්නා පවසා සිටියා.

කැරම් පන්දුව යොමු කිරීම ඉතා අපහසු බවත්, තමා එය 100% ක් වර්ධනය කර ගෙන නොමැති බවත් ඉමාඩ් වසීම් පෙන්වා දුන්නා.