Ultimate magazine theme for WordPress.

“මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද” : ක්‍රිකට් හදන හැටි අගමැති කියයි

ADVERTISEMENT

අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් වර්තමානයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී තත්ත්වයෙන් එය ගොඩ නැගිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගෙන වසර 25ක් සපිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු සැමරුම් උත්සවයට අරලියගහ මන්දිරයේ දී අද(17) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබූ සාමූහිකත්වයේ හැගීම පිළිබද සිහිපත් කරමින්.

“අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොදින් ගොඩනගාගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගාගන්න හොදම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුලුවන් කියන එක මම දැඩි සේ විශ්වාස කරනවා. අතීතයේ තිබූ සාමූහික හැගීම, මනුෂ්‍යත්වයේ කතාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවතත් ඒ වගේ ජයග්‍රහනයක් ලබා ගන්න පුලුවන්. ඒ නිසා අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යමු”

Leave a comment