මතීෂගේ 20යි 20 සිහිනය බොද වෙයි

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මේ වන විට ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සමග රැදී සිටින ඔහුට මෙම ආබාධය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.
වැලමිටක ආබාධයකට ඔහු ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
ආබාධය හේතුවෙන් මතීෂ පතිරණට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 19 හැවිරිදි මතීෂ පතිරණ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වුණා.