භානුක රාජපක්ෂ SA20 තරගාවලියට ගිවිසුම්ගත වෙයි
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර සදහා ඒ ඒ කණ්ඩායම් විසින් අලුතෙන් ගිවිසුම්ගත වූ හා රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුවක් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පසුගියවර ශූරතාවය දිනූ Sunrisers Eastern Cape කණ්ඩායම විසින් හිටපු ලොව අංක එකේ 20යි 20 පිතිකරුවෙකු වන එංගලන්තයේ ඩේවිඩ් මලාන් හා ලියම් ඩෝසන් සමග ගිවිසුම් අත්සන් කර ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ. නායක ඒඩ්න් මාක්‍රම් හා Ottniel Baartman සංචිතයේ රදවා ගැනීමට ද එම කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
MI Cape Town කණ්ඩායම විසින් නායක රෂීඩ් ඛාන්, කාගිසෝ රබාඩා, ඩිවාල්ඩ් බ්‍රේවිස්, සෑම් කරන් සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ලියම් ලිවින්ග්ස්ටන් හා ටොම් බැන්ටන් සමග ගිවිසුම්ගත වීමට ද ඔවුන් කටයුතු කර ඇති බව සදහන්.
ලිවින්ග්ස්ටන් 2023 තරග වාරය වෙනුවෙන් වූ MI Cape Town සංචිතයට ද ඇතුළත්ව සිටි නමුත්, ආබාධයක් හේතුවෙන් ඔහු එම අදියර ක්‍රීඩා කළේ නැහැ.
මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කළ Joburg Super Kings කණ්ඩායම විසින් ෆෆ් ඩු ප්ලෙසිස් හා ජෙරාල්ඩ් කොට්සි සිය සංචිතයේ රදවා ගැනීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ. මොයීන් අලී හා ඩේවිඩ් වීසා සමග ගිවිසුම්ගත වීමට ද එම කණ්ඩායමට කටයුතු කර තිබෙනවා. ඇෆ්ඝනිස්තානයේ සහීර් ඛාන් සමග මෙන්ම එංගලන්තයේ සෑම් කුක් සමග ද සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති බව තරගාවලියේ සංවිධායකයින් සදහන් කළා.
අකිල ධනංජය හා ඩිල්ෂාන් මදුෂංක ඇතුළත්ව සිටි Durban’s Super Giants කණ්ඩායම සිය සංචිතයේ මේ වන විට රදවා ගෙන ඇති ක්‍රීඩකයින් අතරට ක්වෙන්ටන් ඩී කොක් හා ක්යල් මේයර් ඇතුළත්. ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ සමග ගිවිසුම්ගත වීමට ද එම කණ්ඩායම පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නවීන් උල් හක් සමග ද ගිවිසුම්ගත වී ඇති සුපර් ජයන්ට්ස් කණ්ඩායම රීස් ටොප්ලි හා Prenelan Subrayen ද සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, ඩේවිඩ් මිලර්, ජොස් බට්ලර්, ඔබෙඩ් මැකෝයි හා Corbin Bosch යන ක්‍රීඩකයින් Paarl Royals කණ්ඩායමේ රදවා ගෙන තිබෙනවා. ආබාධකට ලක් වීම හේතුවෙන් මැකෝයිට පළමු අදියර ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ Pretoria Capitals කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ මේ වන විට රදවා ගෙන ඇති ක්‍රීඩකයින් වන්නේ අන්රික් නොකියා, ජේම්ස් නීෂම් හා Migael Pretorius.
ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වීමට කණ්ඩායම් සදහා ලබා දුන් කාලය මේ වන විට අවසන්ව තිබෙනවා. කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් අලෙවි කිරීමට මෙන්ම විදෙස් ක්‍රීඩකයින් රදවා ගැනීමට කණ්ඩායම්වලට ජූලි 31 වැනිදා දක්වා කාලය ඉතිරිව පවතිනවා.
SA20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.