Ultimate magazine theme for WordPress.

භානුකගේ සමු ගැනීමේ තීරණය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

ADVERTISEMENT

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මාලිංග ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි.

“ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නොවේ. ක්‍රීඩකයන් හැමවිටම අභියෝග රැසකට මුහුණ දෙනවා.” යනුවෙන් මාලිංග සදහන් කළා.

“භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දිය හැකි තවත් බොහෝ දේ ඇති බව මම සැබවින්ම විශ්වාස කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා”

ALSO READ : භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Leave a comment
x