Ultimate magazine theme for WordPress.

භානුකගේ සමු ගැනීමට හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සිය ආයතනයට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(5) පස්වරුවේ තහවුරු කළා.

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

පවුලේ වගකීම් සම්බන්ධයෙන් සලකා බලා තමා එම තීරණය ගත් බවටයි ඔහු ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති ලිපියේ සදහන් කර ඇත්තේ.

30 හැවිරිදි භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5කට හා 20යි 20 තරග 18කට ක්‍රීඩා කර තිබෙනවා.

Leave a comment