Ultimate magazine theme for WordPress.

භානුකගේ වේගවත් ඉනිම හමුවේ පංජාබ් පිලෙන් සුපිරි හඹා යාමක්

Match Report

භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ වේගවත් ඉනිමෙන් ශක්තිමත් වෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මයාන්ක් අගාර්වල්ගේ නායකත්වයෙන් යුත් පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 205ක්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඩු ප්ලෙසිස් පන්දු 57කින් වේගවත් ලකුණු 88ක් රැස් කළේ හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින්.

විරාට් කෝලි පන්දු 29කින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන් දිනේෂ් කාර්තික් පන්දු 14කින් ලකුණු 32ක් නොදැවී වාර්තා කිරීමට සමත් වුණා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං හා රාහුල් චහාර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(208/5)

ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට නායක මයාන්ක් අගාර්වල් හා ශිකර් ධවාන් සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවයක් ගොඩ නගමින්. එම සබදතාවය බිද දැමුවේ වනිදු හසරංග විසින්.

වනිදු මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවෙන්ම ලකුණු 32ක් ලබා සිටි අගාර්වල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ශිකර් ධවාන් ලකුණු 43(29)යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය සදහා තවදුරටත් මග විවිර කර දීමට භානුක රාජපක්ෂ සමත් වුණේ පන්දු 22කින් ලකුණු 43ක් රැස් කරමින්. හයේ පහර 4කින් හා හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. (දර්ශන පහතින්)

මෙම තරගය භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ සිය මංගල අයි.පී.එල් තරගය වීම ද විශේෂත්වයක්.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 19කට දැවී ගියා. පංජාබ් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ෂාරුක් ඛාන් හා ඔඩියන් ස්මිත් පිළිවෙලින් ලකුණු 24ක් හා ලකුණු 25(8)ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවා ගත් අතර, වනිදු හසරංග, ආකාෂ් දීප් හා හර්ෂාල් පටෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment