Ultimate magazine theme for WordPress.

බෝල්ට් හට කැදවීමක් – විලියම්සන්, මිචෙල් නොමැතිව නවසීලන්ත T20 සංචිතය නම් කෙරේ

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් කැදවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මේ වන විට MI Emirates කණ්ඩායම නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියට එක්ව සිටින බෝල්ට් දෙවැනි හා තෙවැනි 20යි 20 තරග සදහා පමණක් නම් කර තිබෙනවා.

ඔහු අවසන් වරට 20යි 20 ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානයට එරෙහිවයි.

මේ අතර, නිත්‍ය නායක කේන් විලියම්සන් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනුව මිචෙල් සැන්ට්නර් නවසීලන්ත 20යි 20 කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

පාදයක ආබාධයකට ලක්ව සිටි ඩැරල් මිචෙල් ද මෙම 20යි 20 සංචිතයට ඇතුළත් කර නොමැති අතර, Josh Clarkson සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

20යි 20 තරගාවලිය පෙබරවාරි 21 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad for Australia T20Is

Mitchell Santner (c), Finn Allen, Trent Boult (second and third T20Is), Mark Chapman, Josh Clarkson, Devon Conway (wk), Lockie Ferguson, Adam Milne, Matt Henry, Glenn Phillips, Rachin Ravindra, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee (first T20I only)