බෙයාර්ස්ටව් හා ඕවර්ටන්ගේ ලකුණු 209* ක සබදතාවය එංගලන්තයේ ගෞරවය රැක ගනියි
Day 2 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (24) රාත්‍රියේ අවසන් වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 264ක්.
ඒ, එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණු පසුබිමකයි. ඇලෙක්ස් ලීස් ලකුණු 4කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 6කටත්, ඔලී පෝප් හා ජෝ රූට් ලකුණු 5 බැගින් රැස් කර සිටියදීත් දැවී ගියා. නායක බෙන් ස්ටොක්ස් ලකුණු 18යි. බෙන් ෆෝක්ස් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් ද (දර්ශන පහතින්), නෙයිල් වෑග්නර් කඩුලු 2ක් ද, ටිම් සවුති එක් කඩුල්ලක් ද දවා ගත්තා.
කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොනී බෙයාර්ස්ටව් සමග පිටියේ එක් වූ ජෙමී ඕවර්ටන් ලකුණු 209(223)ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායම යළි සටනට අවතීර්ණ කිරීම විශේෂත්වයක්.
බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 130ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 126කින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් ඇතුළත්.
සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඕවර්ටන් නොදැවී ලකුණු 89යි. පන්දු 106ක් වැය කරමින් ඔහු වාර්තා කර ඇති එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.
දෙවැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුළු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 225 ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 329ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 123 දී බිඳ වැටුණු පසුබිමකයි.
යළිත් පිත්තෙන් සාර්ථක වූ ඩැරල් මිචෙල් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 109ක් ලබා ගත්තා. හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ඔහු එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙකේදී ද ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.
ටොම් බ්ලන්ඩල් ලකුණු 55 යි. 6 වැනි කඩුල්ල සඳහා ඩැරල් මිචෙල් හා ටොම් බ්ලන්ඩල් ගොඩනැගූ සබදතාවය ලකුණු 120ක්. ටිම් සවුති ලකුණු 33ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 100කට කඩුලු 5ක් දවා ගත්තා. ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 62කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.
ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 65ක්.
— cric fun (@cric12222) June 25, 2022