Ultimate magazine theme for WordPress.

බෙයාර්ස්ටව්ගේ නොදැවුණු ශතකය හේතුවෙන් එංගලන්තයට සැනසුමක්

Day 3 Report

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ තෙවැනි දිනය අද(7) නිමා වුණේ තරගයේ වැඩි පාලනය තවදුරටත් ඔස්ට්‍රේලියාව වෙත නතු කරමින්.

කෙසේ වෙතත්, එංගලන්ත මැදපෙල පිතිකරු ජොනී බෙයාර්ස්ටව් අද වාර්තා කළ සිය ටෙස්ට් දිවියේ 7 වැනි ශතකය හේතුවෙන් එංගලන්තය දිනය අවසන් කළේ පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් මිදෙමින්.

දිනය නිමා වන විට එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා සිටි අතර, ජොනී බෙයාර්ස්ටව් පන්දු 140 කින් නොදැවී ලකුණු 103ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

මෙවර අලුබදුන තරගාවලියේ දී එංගලන්ත පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය වන්නේ මෙම ශතකයයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 66ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඒ, ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 36 දී බිද වැටුණු පසුබිමකයි.

ඉනිමේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි යන කඩුලු තුනම ලකුණු 36 දී බිද වැටීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බෝලන්ඩ් එක් පන්දුවක් යොමු කළ අවස්ථාවක ඔහු  තණතීරුවේ ඇද වැටීමක් සිදු වුණා.

අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සදහා ඔහු රෝහල් ගත කිරීමට ද පියවර ගැනීමටයි බළධාරීන් පියවර ගෙන තිබුණේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 416 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව එංගලන්තය මේ වන විට තවත් ලකුණු 158 ක් පිටුපසින් පසුවනවා.