Ultimate magazine theme for WordPress.

බෙන් සියර්ස්ට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස්ට පාදයක ආබාධයක් හේතුවෙන් එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටි අතර, පසුගිය බදාදා දිනයේදීයි පුහුණුවීම් අතරතුර ඔහුගේ වම් පාදයේ ආබාධයක් හට ගෙන ඇත්තේ.

අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට සිදු වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තුන්කොන් තරගාවලිය යටතේ නවසීලන්තය ක්‍රීඩා කළ මූලික වටයේ තරග දෙක සදහාම බෙන් සියර්ස් ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, එම තරග දෙකේදීම පන්දුවාර 16 ක් යොමු කළ නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

තුන්කොන් තරගාවලියට ද එක්ව සිටින ජේකබ් ඩෆී ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් වන නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.