බෘෘක්-රූට්ගේ 294* ක සම්බන්ධතාවය හමුවේ එංගලන්තයෙන් දෙවැනි තරගයට සුපිරි ආරම්භයක්
Day 1 Report
සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) වෙලින්ටන් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තය අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 315 ක්.
වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී පන්දුවාර 65 ක් පමණක් ක්‍රියාත්මක වූ පසුබිමකයි එංගලන්තය මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට සමත් වුණේ.
ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 21 ක් තුළ බිද වැටුණා. සැක් ක්‍රව්ලි ලකුණු 2කටත්, බෙන් ඩකට් ලකුණු 9 කටත්, ඔලී පෝප් ලකුණු 10 කටත් දැවී ගියා.
අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා පන්දු 350 කින් නොබිදුණු ලකුණු 294 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ජෝ රූට් හා හැරී බෘෘක් සමත්ව සිටිනවා.
24 හැවිරිදි හැරී සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් දිනය නිමා වන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 184 ක්. පන්දු 169 කින් වාර්තා වී ඇති ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 24 ක් ඇතුළත්.
ජෝ රූට් නොදැවී ලකුණු 101(182) යි. පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 64 කට කඩුලු 2 ක් හා ටිම් සවුති ලකුණු 48 කට කඩුල්ලක් බිද හෙලුවා.
"No reverse sweeps today"
Think again 🤣
Joe Root proving he can play every shot in the book 📕#NZvENG pic.twitter.com/c5rjwR1QC7
— Cricket on BT Sport (@btsportcricket) February 24, 2023