Ultimate magazine theme for WordPress.

බුම්රා හදිසියේ යළි ඉන්දියාව බලා පිටව යයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(4) පැවැත්වීමට නියමිත නේපාලයට එරෙහි තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත යළි ඉන්දියාව වෙත පිටත්ව ගොස් තිබීම හේතුවෙන්.

ඔහු යළි ආසියානු කුසලාන තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඉන්දියාව තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් හෙට තරගයෙන් පසුව ක්‍රීඩා කරන මීළග තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිවයි.

ඒ අනුව එම තරගය සදහා බොහෝ දුරට බුම්රා ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

අනතුරුව සැප්තැම්බර් 12 හා 15 වැනිදා ඉන්දීය කණ්ඩායම සුපිරි 4 වටයේ ඉතිරි තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හා නේපාලය අතර තරගය හෙට(4) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.