Ultimate magazine theme for WordPress.

බුම්රා පිය පදවිය ලබයි

ADVERTISEMENT

ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පිය පදවිය ලබා තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් ඔහු ඒ බව තහවුරු කළා.

බුම්රා මේ වන විට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(4) පැවැත්වීමට නියමිත නේපාලයට එරෙහි තරගය සදහා ක්‍රීඩා කිරීමට ද ඔහුට නොහැකි වනවා.

ඔහු යළි ආසියානු කුසලාන තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඉන්දියාව තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් අද තරගයෙන් පසුව ක්‍රීඩා කරන මීළග තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිවයි.

ඒ අනුව එම තරගය සදහා ක්‍රීඩා කිරීමට බුම්රා අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

Leave a comment