Ultimate magazine theme for WordPress.

බුම්රා ගැන අවසන් තීරණය 11 වැනිදා

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකිදැයි අවසන් තීරණය එළඹෙන 11 වැනිදා ගැනීමට නියමිතව තිබෙනවා.

පසුගිය ජනවාරි 18 වැනිදා ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය මූලික සංචිතය නම් කෙරුණු අතර, ඊට ජස්ප්‍රිට් බුම්රා ද ඇතුළත් වුණා.

එම සංචිතය සදහා අයි.සී.සී අනුමැතියක් නොමැතිව වෙනස්කම් කිරීම සදහා අවස්ථාව හිමි වන්නේ එළඹෙන 11 වැනිදා දක්වායි.

බුම්රා මෑතකදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුහුණ දී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී වෛද්‍ය කමිටු සාමාජිකයින්, තේරීම් කමිටු නිලධාරීන් හා කණ්ඩායම් කලමනාකාරීත්වය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති.

ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී බුම්රා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණා.

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය සදහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවට මීට පෙර අපේක්ෂා කෙරුණා.