Ultimate magazine theme for WordPress.

බුම්රාට නායකත්වයත් ලබා දෙමින් වසරකට පමණ පසු ජාතික සංචිතයට කැදවයි

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට පැවරී තිබෙනවා.

බුම්රා අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

අනතුරුව ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් බුම්රාට නවසීලන්තයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

පසුව පුනරුත්තාපන කටයුතු ද අවසන් කිරීමෙන් අනතුරුවයි බුම්රා දීර්ඝ කාලයකට පසුව ජාතික සංචිතයට මෙලෙස කැදවා ඇත්තේ.

අගෝස්තු 18, 20 හා 23 වැනිදා අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අයර්ලන්තයේ ඩබ්ලින් හී දී පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් අගෝස්තු මස අවසාන සතියේ දී ඉන්දීය කණ්ඩායම පුහුණු කදවුරකට එක්වීමට නියමිතව ඇති බැවිනුුයි නව නායකයෙකු යටතේ අයර්ලන්ත තරගාවලිය සදහා ඉන්දීය සංචිතයක් නම් කර ඇත්තේ.

පසුගිය තරගාවලියන් හී දී ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හර්ඩික් පාන්ඩ්යා ද එම පුහුණු කදවුරට එක් වීමට නියමිතයි.

ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් අයර්ලන්තයට එරෙහි සංචිතය සදහා නම් කර නැහැ.

Squad :

Jasprit Bumrah (C), Ruturaj Gaikwad (vc), Yashasvi Jaiswal, Tilak Varma, Rinku Singh, Sanju Samson (wk), Jitesh Sharma (wk), Shivam Dube, W Sundar, Shahbaz Ahmed, Ravi Bishnoi, Prasidh Krishna, Arshdeep Singh, Mukesh Kumar, Avesh Khan.