Ultimate magazine theme for WordPress.

බුබුල කැඩූ විනිසුරු ලෝක කුසලානයෙන් ඉවත් වෙයි

එංගලන්ත විනිසුරුවරයෙකු වන Michael Gough මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

එම සිද්ධිය හේතුවෙන් ඔහුට ඔක්තෝබර් 28 වනදා සිට දින හයක කාලයක් සදහා තරගාවලියට සම්බන්ධ වීමේ තහනමක් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබුණා.

අවසරයකින් තොරව Michael Gough තමා නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව තිබූ බවටයි අනාවරණය වී තිබුණේ.

දින 6ක තහනමෙන් පසුව ඔහු යළි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත් මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.