බිනුර ප්‍රනාන්දු BPL තරගයක් වර්ජනය කරයි

Chittagong Kings කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද(22) පැවැති තරගාවලියේ 29 වැනි තරගය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
තිසර පෙරේරා නායකත්වය දරන Dhaka Capital කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැති අතර, සිය ගෙවීම් ලබා දීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පල කිරීමක් ලෙසයි බිනුර අද තරගය වර්ජනය කර ඇත්තේ.
බිනුර ප්‍රනාන්දු මෙවර BPL තරග වාරයේදී තරග 3ක් ක්‍රීඩා කළා. එහිදී ඔහු පිළිවෙලින් 14/1, 22/0 හා 19/1 ක් ලෙස දක්ෂතා දක්වනු ලැබුවා.
ඔහු අද තරගයෙන් ඉවත් වුවද, තවදුරටත් Chittagong Kings සංචිතය සමග රැදී සිටින බව සදහන්.
මීට පෙර Durbar Rajshahi කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පුහුණු සැසියක් පවා වර්ජනය කරමින් ගෙවීම් ලබා නොදීමට එරෙහිව සිය විරෝධය පල කළා.
තරගාවලියේ නීති රිති අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින්ට වැටුපෙන් 50% ක මුදලක් ලබා දිය යුතු අතර, තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුරදී තවත් 25%ක මුදලක් ලබා දිය යුතුයි. ඉතිරි 25% ලබා දිය යුතු වන්නේ තරගාවලිය අවසන් වීමෙන් අනතුරුවයි.