බිනුර ප්‍රනාන්දුට හා වනිදු හසරංගට වැඩ වරදියි – ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක්

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංගට හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට එරෙහිව දඩ පැනවීමක් සිදු කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
පසුගිය දෙවැනිදා එම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේ දී එම ක්‍රීඩකයින් දෙදෙනා විසින් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස දඩ පනවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) නිවේදනය කළේ.
ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව බිනුර ප්‍රනාන්දු විසින් විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අවනත නොවී LPL ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.4 වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී අදාළ වරද ඔහු විසින් පිළිගෙන ඇති බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
මෙම වරද වෙනුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පනවා ඇති අතර, දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, අදාළ තරගයේ දී ම බිනුර විසින් LPL ඇඳුම් පැළඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් තවත් 25% ක දඩ මුදලක් පනවා තිබෙනවා.
මේ අතර, ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංගට තරග ගාස්තුවෙන් 25% ක දඩ පැනවීමක් සිදු කිරීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ අදාළ තරගයේ දී ම LPL ඇඳුම් පැළඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන්.
Wanindu Hasaranga cops a hefty fine for violating equipment guidelines during the LPL. Additionally, a message has been passed that no slippers or shorts during post match presentation. Binura Fernando also has been fined heavily for dissent and violating clothing guidelines.
— Rex Clementine (@RexClementine) July 8, 2024