බිග් බෑෂ් ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ප්‍රබල තීරණයක්
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග ප්‍රමාණය 2024-25 තරග වාරයේ සිට තරග 18 කින් අවම කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් පවතින තරග 61 වෙනුවට 2024-25 තරග වාරයේ සිට පැවැත්වීමට නියමිතව ඇත්තේ තරග 43 ක් පමණයි.
Foxtel Group හා Seven West Media සමග ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වසර 7 ක දේශීය තරග විකාශන ගිවිසුමකට එක්වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.
ක්‍රීඩකයින් වැඩි වශයෙන් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ ද අරමුණ සහිතව මෙම පියවර ගෙන ඇති බව සදහන්.
මීට පෙර අවසන් වරට බිග් බෑෂ් ලීග් තරගාවලියක් තරග 43 කින් සමන්විතව පවත්වනු ලැබුවේ 2017-18 තරග වාරයේ දී යි.