Ultimate magazine theme for WordPress.

බාබර් හා නසීම් ටෙස්ට් සංචිතයට යළි කැදවයි

දෙසැම්බර් 10 වැනිදා සිට ජනවාරි 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන පාකිස්තාන සංචිත නම් කර තිබෙනවා. මෙම සංචාරයේදී දෙරට අතර විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 3 ක් හා ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තීරණාත්මක ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

බාබර් අසාම් හා නසීම් ශාහ් ටෙස්ට් සංචිතයට යළි කැදවා ඇති අතර, ශහීන් ශාහ් අෆ්රිඩි නම් කර ඇත්තේ සීමිත පන්දුවාර තරගාවලි සදහා පමණයි. පෙබරවාරි හා මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා අෆ්රිඩි සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් තබා ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් පසුව ඉහත සදහන් කළ ක්‍රීඩකයින් තිදෙනාම ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගත් අතර, පසුව දග පන්දු යවන්නන්ට උචිත තණතීරු සකස් කරමින් අවසන් ටෙස්ට් තරග දෙක ජය ගැනීමට පාකිස්තානයට හැකි වුණා.

සංචිත 3 සදහාම නම් කර ඇති ක්‍රීඩකයින් වන්නේ බාබර් අසාම්, සුදු පන්දු නායක මොහමඩ් රිස්වාන්, සල්මන් අලී ආගා හා සයීම් අයුබ්.

මොහමඩ් අබ්බාස්, කුරාම් ශහ්සාඩ් හා මීර් හම්සා ද යළි ටෙස්ට් සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා. ඔක්තෝබර් මාසයේදී එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ දග පන්දු යවන ක්‍රීඩක සජිඩ් ඛාන් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කර නොමැති අතර, දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලී පමණක් විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත්.

මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලියේ පළමු තරග දෙකේදී කඩුලු 8ක් දවා ගෙන සිටින දග පන්දු යවන ක්‍රීඩක Sufiyan Muqeem පළමු වරට එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

සංචිත හා තරග කාලසටහන පහතින් –

Test Squad: Shan Masood (c), Saud Shakeel (vc), Aamir Jamal, Abdullah Shafique, Babar Azam, Haseebullah (wk), Kamran Ghulam, Khurram Shahzad, Mir Hamza, Mohammad Abbas, Mohammad Rizwan (wk), Naseem Shah, Noman Ali, Saim Ayub and Salman Ali Agha

ODIs Squad: Mohammad Rizwan (c & wk), Abdullah Shafique, Abrar Ahmed, Babar Azam, Haris Rauf, Kamran Ghulam, Mohammad Hasnain, Muhammad Irfan Khan, Naseem Shah, Saim Ayub, Salman Ali Agha, Shaheen Shah Afridi, Sufyan Moqim, Tayyab Tahir and Usman Khan (wk)

T20Is Squad: Mohammad Rizwan (c & wk), Abrar Ahmed, Babar Azam, Haris Rauf, Jahandad Khan, Mohammad Abbas Afridi, Mohammad Hasnain, Muhammad Irfan Khan, Omair Bin Yousuf, Saim Ayub, Salman Ali Agha, Shaheen Shah Afridi, Sufyan Moqim, Tayyab Tahir and Usman Khan (wk)

Tour schedule:

  • 10 Dec – First T20I, Durban
  • 13 Dec – Second T20I, Centurion
  • 14 Dec – Third T20I, Johannesburg
  • 17 Dec – First ODI, Paarl
  • 19 Dec – Second ODI, Cape Town
  • 22 Dec – Third ODI, Johannesburg
  • 26-30 Dec – First Test, Centurion
  • 3-7 Jan – Second Test, Cape Town