බාබර් ඇතුළු පාකිස්තාන ප්‍රබලයින් තිදෙනෙකු ටෙස්ට් සංචිතයෙන් නෙරපයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරග සදහා වන පාකිස්තාන සංචිතයට ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව එරට තේරීම් කමිටුව විසින් තීරණය කර ඇත්තේ සුපිරි පිතිකරු බාබර් අසාම්, වේග පන්දු යවන්නන් වන ශහීන් ශාහ් අෆ්රිඩි හා නසීම් ශාහ් සංචිතයෙන් ඉවත් කිරීමටයි.
වත්මන් දක්ෂතා හා ශාරීරික යෝග්‍යතාවය සලකා බලා මෙම තීරණය ගත් බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.
එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක දරුණු හා අමිහිරි පරාජයක් අත්විදීමට පාකිස්තානයට සිදු වූ පසුබිමකයි එරට තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ. එම පරාජයෙන් සුළු වේලාවකට පසුව එරට තේරීම් කමිටුවට නව සාමාජිකයින් තිදෙනෙකු ද පත් කිරීමට පියවර ගෙන තිබුණා.
සුපිරි පිතිකරු බාබර් අසාම් අවසන් වරට ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කර ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Kamran Ghulam, Haseebullah හා Mehran Mumtaz සංචිතයට නම් කර තිබෙනවා.
දග පන්දු යවන්නන් වන සජීඩ් ඛාන් හා නෝමන් අලී ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. දග පන්දු යවන ක්‍රීඩක අබ්රාර් අහ්මඩ් පළමු තරගය අතරතුර දී උණ රෝගයකට ගොදුරු වූ අතර, ඔහු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්. සර්ෆරාස් අහ්මඩ්ට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
Pakistan squad for second and third Tests:
Shan Masood (c), Saud Shakeel (vc), Aamer Jamal, Abdullah Shafique, Haseebullah (wicket-keeper), Kamran Ghulam, Mehran Mumtaz, Mir Hamza, Mohammad Ali, Mohammad Huraira, Mohammad Rizwan (wicket-keeper), Noman Ali, Saim Ayub, Sajid Khan, Salman Ali Agha, Zahid Mehmood.