බාබර් අසාම් නායකත්වය ගැන තීරණයක් ගනියි

පාකිස්තාන නායක බාබර් අසාම් සියලු තරග රටාවන්හි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අසමත් වූ පසුබිමකයි.
ලෝක කුසලාන තරගාවලියේ දී තරග 9කින් පාකිස්තානය ජය ගත්තේ තරග 4 ක් පමණයි. ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් 5 වැනි ස්ථානය හිමි කර ගත්තා.
ලෝක කුසලාන තරගාවලියේ දී බාබර් අසාම් පිතිකරුවෙකු ලෙස තරග 9කදී ලකුණු 320 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, ඉනිමක සාමාන්‍ය 40 හා 82.90 ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.
2020 වසරේ දී සියලු තරග රටාවන් හි නායකත්වයට පත් වූ බාබර් අසාම් මේ වන විට 29 වන වියේ පසුවන අතර, තමා තවදුරටත් සියලු තරග රටා ඔස්සේ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව සදහන් කළා.
බාබර්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම 2022 වසරේ දී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වුණා.
තවද මෙම වසරේ දී පාකිස්තාන කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා පැමිණීමට සමත් වීම කැපී පෙනුණා.
බාබර් අසාම් වෙනුවට පත් කරන නව නායකයා පිළිබද මෙතෙක් නිල ප්‍රකාශයක් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් සිදු කර නැහැ.
කෙසේ වෙතත්, ශාන් මසූඩ් ටෙස්ට් නායකත්වයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සදහන්.
— Babar Azam (@babarazam258) November 15, 2023