බ්‍රෝඩ්, පොට්ස් හා ලෝරන්ස් යළි ටෙස්ට් සංචිතයට කැදවයි
නවසීලන්තය සමග 2023 වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ස්ටුවට් බ්‍රෝඩ්, මැතිව් පොට්ස් හා ඩෑන් ලෝරන්ස් එංගලන්ත ටෙස්ට් සංචිතය සදහා යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයි් 15 දෙනෙකු ඇතුළත්.
මාර්ක් වුඩ් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, මාර්තු මාසයේ දී සිදු කිරීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරය සදහා ඔහු ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.
නවසීලන්ත – පාකිස්තාන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 16 වැනිදා Mount Maunganui හි Bay Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ENG Squad:
Ben Stokes (C), James Anderson, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Ben Foakes, Will Jacks, Dan Lawrence, Jack Leach, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Olly Stone