බ්‍රේවිස් පළමු වරට දකුණු අප්‍රිකා ජාතික සංචිතයට නම් කෙරේ

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය හා එක්දින තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිත නම් කර තිබෙනවා.
20යි 20 හා එක්දින සංචිත සදහා පළමු වරට සුපිරි යොවුන් පිතිකරු ඩිවල්ඩ් බ්‍රේවිස් කැදවා තිබීම විශේෂත්වයක්.
ඔහුට අමතරව Donnovan Ferreira, Gerald Coetzee හා Matthew Breetzke යන ක්‍රීඩකයින් ද පළමු වරට 20යි 20 සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ක්වෙන්ටන් ඩී කොක්, හෙන්රික් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, කාගිසෝ රබාඩා හා අන්රික් නොකියා නම් කර නැහැ.
ඔවුන් සියලු දෙනා දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින තරගාවලිය සදහා නම් කර තිබෙනවා.
මේ අතර, මාර්තු මාසයේ දී ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක කේශාව් මහරාජ් දෙවැනි හා තෙවැනි 20යි 20 තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලිය සදහා ද ඔහුව නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය අගෝස්තු 30 වැනිදා ඩර්බන් හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
T20I Squad:
Aiden Markram (c), Temba Bavuma, Matthew Breetzke, Dewald Brevis, Gerald Coetzee, Donovan Ferreira, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Sisanda Magala , Keshav Maharaj, Lungi Ngidi, Tabraiz Shamsi, Tristan Stubbs , Lizaad Williams and Rassie van der Dussen.
ODI Squad:
Temba Bavuma (c), Dewald Brevis, Gerald Coetzee , Quinton de Kock , Bjorn Fortuin , Reeza Hendricks, Marco Jansen , Heinrich Klaasen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller , Lungi Ngidi , Anrich Nortje , Tabraiz Shamsi , Wayne Parnell, Kagiso Rabada , Tristan Stubbs and Rassie van der Dussen .