බ්‍රැත්වෙයිට්ගේ සටන්කාමී නායකත්වයේ ඉනිම් එංගලන්තයේ බලාපොරොත්තු සුන් කරයි
Match Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ද මෙරට වේලාවෙන් අද(21) අලුයම ජය පරාජයෙන් තොරව නිමා වුණා.
බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 282ක ඉලක්කය හඹා ගිය කොදෙව්වන් තරගයේ අවසන් දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135ක්.
පළමු ඉනිමේ දී ලකුණු 160ක් වාර්තා කළ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් දෙවැනි ඉනිමේ දී ද එංගලන්තයට දැඩි තර්ජනයක් වෙමින් පන්දු 184කින් නොදැවී ලකුණු 56ක් රැස් කළා.
ජොෂවා ද සිල්වා නොදැවී ලකුණු 30යි. ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 27ක් ද, ජෝන් කැම්ප්බෙල් ලකුණු 10ක් ද රැස් කළ අතර, ශමාර් බෘක්ස් ලකුණු 4කටත්, කෘමා බෝනර් ලකුණු 3කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු නොලබාත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 3ක් හා සකිබ් මහ්මූද් කඩුලු 2ක් බිද හෙලුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 507ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීම තීරණය කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 411ක් ලබා ගත්තා.
එංගලන්තය සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තරගයේ අවසන් දිනයේ දී තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබා සිටියදීයි.
තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.