Ultimate magazine theme for WordPress.

බෂීර්ට ටෙස්ට් වරම් – දෙවැනි තරගයට එංගලන්තයෙන් වෙනස්කම් දෙකක්

ඉන්දියාව සමග හෙට(2) විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව 20 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂීර් හෙට තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගන්නා බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වීසා නොලැබීම හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ඉන්දියාවට පැමිණීමට නොහැකි වුණා.

පළමු ටෙස්ට් තරගය හා සැසදීමේ දී එංගලන්ත කණ්ඩායමට තවත් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව කණ්ඩායමේ එකම වේග පන්දු යවන්නා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව නායක බෙන් ස්ටොක්ස් අද තහවුරු කර සිටියා.

හයිදරාබාද් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ මාර්ක් වුඩ් වෙනුවටයි ඇන්ඩර්සන් කණ්ඩායමට කැදවා ඇත්තේ.

පළමු තරගයේ දී දණහිසක ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ලකුණු 28 ක ජයක් ලැබූ එංගලන්තය මේ වන විට තරග පහකින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙවැනි තරගය හෙට පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතයි.

England XI :

Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Ben Foakes (wk), Rehan Ahmed, Tom Hartley, Shoaib Bashir, James Anderson.