බෂියර්ගේ කඩුලු 4 අභිබවා විලියම්සන්ගේ 93 නවසීලන්තයට පළමු දිනයේ වැඩි වාසි ගෙනෙයි
Day 1 Report
සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(28) ක්‍රයිස්චර්ච්හීදී ආරම්භ වුණා.
පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා.
කේන් විලියම්සන් ලකුණු 93 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සමගින්. නායක ටොම් ලේතම් ලකුණු 47 කටත්, රචින් රවීන්ද්‍ර ලකුණු 34 කටත් දැවී ගියා.
ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 41 ක් හා ටිම් සවුති නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේදී ශොයිබ් බෂියර් ලකුණු 69 කට කඩුලු 4 ක් දවා ගත්තා. ගස් ඇට්කින්සන් හා බ්‍රයිඩන් කර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.