Ultimate magazine theme for WordPress.

බවුමා ශ්‍රී ලංකා තරගාවලියට ක්‍රීඩා කරයිද? බංග්ලාදේශයට එරෙහි දෙවැනි තරගයෙනුත් ඉවතට

දකුණු අප්‍රිකා ටෙස්ට් නායක ටෙම්බා බවුමාට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වැලමිටක ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

ඒ අනුව පළමු තරගයේ දී කණ්ඩායම මෙහෙය වූ ඒඩ්න් මාක්‍රම් දෙවැනි ටෙස්ට් තරගයේ දී ද දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේ දී සිය රටේදී ශ්‍රී ලංකාවට එරෙහිව ද ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලිය සදහා බවුමා සූදානම් කර ගැනීමේ අරමුණ ඇතිව මේ වන විට අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල ඔහුව නිරත කර තිබෙනවා.

බවුමා මෙම ආබාධයට මුහුණ දුන්නේ මෙම මාසයේ දී අයර්ලන්තය සමග පැවැති එක්දින තරගයක් අතරතුරදීයි.

මීර්පූර්හීදී බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු හතක ජයක් ලැබූ අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඔක්තෝබර් 29 වැනිදා Chattogram හීදී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad

Aiden Markram (capt), David Bedingham, Matthew Breetzke, Dewald Brevis, Tony de Zorzi, Keshav Maharaj, Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Dane Piedt, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton and Kyle Verreynne