Ultimate magazine theme for WordPress.

බවුමාට එංගලන්ත සංචාරය අහිමි වෙයි ; මිලර්ට හා මහරාජ්ට නායකත්වය

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා සංචිත දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් අද(29) නිවේදනය කළා.

ආබාධයක් හේතුවෙන් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට මෙම තරග සංචාරය අහිමි වී තිබෙනවා.

නිමා වූ ඉන්දීය තරග සංචාරයේ දී බවුමා වැලමිටක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සති 8ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ඒ අනුව එක්දින කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කේෂාව් මහරාජ් පත් කිරීමටත්, 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ඩේවිඩ් මිලර් පත් කිරීමටත් දකුණු අප්‍රිකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පළමු වරට 20යි 20 සංචිතය සදහා 21 හැවිරිදි Gerald Coetzee නම් කර ඇති අතර, කොල්පැක් ගිවිසුම් අත්සන් කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව සිටි රයිලි රොසෝව් ද යළි සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රොසෝව් එලෙස ජාතික සංචිතයට කැදවා ඇත්තේ 2016 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පළමු වරටයි.

එක්දින තරගාවලියෙන් වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා විවේක ගැන්වීමට ද පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට එක්දින, 20යි 20 හා ටෙස්ට් තරග 3 බැගින් ඇතුළත්.

එමෙන්ම 20යි 20 තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව ද 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ODI Squad:

Keshav Maharaj (c), Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Janneman Malan, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Dwaine Pretorius, Anrich Nortje, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams, Khaya Zondo, Kyle Verreynne .

T20I Squad:

David Miller (c), Gerald Coetzee , Quinton de Kock , Reeza Hendricks , Heinrich Klaasen, Keshav Maharaj , Aiden Markram , Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Rilee Rossouw , Tabraiz Shamsi, Tristan Stubbs, Rassie van der Dussen.

Test Squad:

Dean Elgar (c), Sarel Erwee, Marco Jansen, Simon Harmer, Keshav Maharaj, Aiden Markram, Lungi Ngidi, Anrich Nortje, Duanne Olivier, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Lutho Sipamla, Rassie van der Dussen, Kyle Verreynne, Khaya Zondo, Glenton Stuurman