බලු පොරයකට මැදි වූ ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවට ශල්‍යකර්මයක්

සුනඛයෙකු සපා කෑමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ඔස්ට්‍රේලියානු හා සිඩ්නි සික්සර්ස් ක්‍රීඩිකා ඇලීසා හීලි ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.
දකුණු අතෙහි ඇගිල්ලක මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සිය නිවසේ දී ඇයගේ සුනඛයින් දෙදෙනෙකු අතර ඇති වූ පොර බැදීමක් වැළැක්වීමට යාමේ දී ඇලීසා හීලි මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.
ඒ හේතුවෙන් ඇයට මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ ඊයේ(22) සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග පැවැති තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
ශල්‍යකර්මය හේතුවෙන් ඇලීසා හීලිට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ගේ බිරිද වන්නේ ද ඇලීසා හීලි.
Alyssa Healy has undergone a hand surgery after a "freak accident" at home. There is no timeframe for her recovery as yet https://t.co/RrygiYe3gx #WBBL09 pic.twitter.com/QnCJsPesPB
— ESPNcricinfo (@ESPNcricinfo) October 22, 2023