“බලාපොරොත්තුවෙනවා ඔවුන් ලෝක කුසලානයේ දී හොදින් කරයි කියලා” BCB තේරීම් කමිටුව

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බව එරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති Gazi Ashraf Hossain පවසනවා.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් මීට පෙර නම් කෙරුණු සංචිතයට අවසන් වෙනස්කම් සිදු කිරීම සදහා ලබා දී ඇති කාලය අද(මැයි 25) දිනයෙන් අවසන් වන අතර, ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පළමු විස්සයි 20 තරග දෙක පරාජයට පත්වීම නිසා අවශ්‍යනම් මැයි 25 වනදා වන විට ලෝක කුසලාන සංචිතයට වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව බංග්ලාදේශයට පැවතුණා.
නමුත්, නායක නජ්මුල් හොසේන් ශන්තෝ හා පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම සංචිතයම තවදුරටත් රදවා ගැනීමට තීරණය කළ බවයි තේරීම් කමිටු සභාපති කියා සිටියේ.
“අපි බලාපොරොත්තුවෙනවා ඔවුන් විස්සයි 20 ලෝක කුසලානයේ දී හොදින් කරයි කියලා.” යනුවෙන් Gazi Ashraf Hossain සදහන් කළා.
“අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ බංග්ලාදේශ කණ්ඩායම ඇමෙරිකාව හමුවේ තරගාවලි පරාජයක් සමග තරග සංචාරය ආරම්භ කරයි කියලා. නමුත් යථාර්ථය එයයි. අපිට තව දින 12ක් තියෙනවා. අපි මේ කණගාටුදායක තත්ත්වයෙන් මිදිය යුතුයි. ලෝක කුසලානයේ දී කණ්ඩායම හොඳට ක්‍රීඩා කළහොත් මේක ඉක්මනට අමතක වෙන බව ඔවුන් දන්නවා.”
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 8 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව Dallas හී දී පැවැත්වීමට නියමිතයි.
Bangladesh squad for T20 World Cup :
Najmul Hossain Shanto (c), Taskin Ahmed (vc), Litton Das, Soumya Sarkar, Tanzid Hasan, Shakib Al Hasan, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Tanvir Islam, Mahedi Hasan, Rishad Hossain, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan