Ultimate magazine theme for WordPress.

බලපෑම් ලකුණු මත ක්‍රික්ඉන්ෆෝ IPL 2023 කණ්ඩායම නිවේදනය කෙරේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව තරගාවලියේ කණ්ඩායම ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායම සදහා ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු, මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයින් තිදෙනෙකු, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙන්ම සන්රයිසස් හයිදරාබාද්, කොල්කටා නයිට් රයිඩර්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වල එක් ක්‍රීඩකයෙකු බැගින් ඇතුළත්.

තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා නිර්ණායක රැසක් යටතේ සලකා බලා ලබා දෙන බලපෑම් ලකුණු මත පදනම්වයි මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ප්‍රධාන කණ්ඩායමට නම් කර නැහැ. කෙසේ වෙතත්, ඉහළ බලපෑම් ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියා ඇතත්, මෙම කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව යන්තමින් අහිමි වී ගිය ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ESPNcricinfo වෙබ් අඩවිය විසින් නම් කර ඇති අතර, එම ක්‍රීඩක ලැයිස්තුවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇතුළත් කර තිබෙනවා.

ESPNcricinfo නම් කළ IPL කණ්ඩායම –

  1. Faf du Plessis
    Inns: 14, Runs: 730, SR: 153.68, Impact score: 59.38
  2. Shubman Gill
    Inns: 17, Runs: 890, SR: 157.80, Impact score: 56.85
  3. Cameron Green
    Mat: 10, Runs: 419, SR: 162.40; Wkts: 6, ER: 9.50, Impact score: 42.96
  4. Suryakumar Yadav
    Inns: 16, Runs: 605, SR: 181.13, Impact score: 42.49
  5. Tilak Varma
    Inns: 11, Runs: 343, SR: 164.11, Impact score: 38.83
  6. Heinrich Klaasen (wk)
    Inns: 11, Runs: 448, SR: 177.07, Impact score: 48.01
  7. Rinku Singh
    Inns: 14, Runs: 474, SR: 149.52, Impact score: 30.58
  8. Ravindra Jadeja
    Mat: 16, Runs: 190, SR: 142.85; Wkts: 20, ER: 7.56, Impact score: 44.92
  9. Rashid Khan
    Mat: 17, Runs: 130, SR: 216.66; Wkts: 27, ER: 8.23, Impact score: 45.41
  10. Mohammed Shami
    Inns: 17, Wkts: 28, ER: 8.03, Impact score: 42.73
  11. Mohammed Siraj
    Inns: 14, Wkts: 19, ER: 7.50, Impact score: 49.73
  12. Mohit Sharma
    Inns: 14, Wkts: 27, ER: 8.17, Impact score: 28.43

Those who narrowly missed out

  1. Yashasvi Jaiswal
    Inns: 14, Runs: 625, SR: 163.61, Impact score: 52.28
  2. Shivam Dube
    Inns: 14, Runs: 418, SR: 158.33, Impact score: 28.00
  3. Piyush Chawla
    Inns: 16, Wkts: 22, ER: 8.17, Impact score: 41.10
  4. Matheesha Pathirana
    Inns: 12, Wkts: 19, ER: 8.00, Impact score: 26.30
  5. Axar Patel
    Mat: 14, Runs: 283, SR: 139.40; Wkts: 11, ER: 7.19, Impact score: 48.29