Ultimate magazine theme for WordPress.

බබාර් – ඉමාම් නොබිදුණු සබදතාවය හමුවේ ඔස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

Match Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් පාකිස්තානය කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ලාහෝර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 211ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පාකිස්තානය ඉතා පහසුවෙන් පසු කර ගියේ පන්දුවාර 37.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ෆකාර් සමාන් ලකුණු 17කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 190(205)ක සබදතාවයක් ගොඩ නැගීමට ඉමාම් උල් හක් හා නායක බබාර් අසාම් සමත් වුණා.

සිය 16 වැනි එක්දින ශතකය වාර්තා කළ බබාර් නොදැවී ලකුණු 105(115)ක් හා ඉමාම් නොදැවී ලකුණු 89(100)ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස් කළේ පන්දුවාර 41.5ක් තුළ දී යි.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් ඉනිමේ පළමු පන්දුවෙන් ද, ආරෝන් ෆින්ච් තමා මුහුණ දුන් තෙවැනි පන්දුවෙන්ද ලකුණු නොලබා සිටියදී දැවී ගියා.

ඇලෙක්ස් කෙරී ලකුණු 56ක් හා ශෝන් ඇබොට් ලකුණු 49ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා මොහොමඩ් වසීම් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2ක් දවා ගත්තා.