බබාර් අසාම් ලොව අංක එකේ පිතිකරු බවට යළි පත් වෙයි

පාකිස්තාන නායක බබාර් අසාම් පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ප්‍රදර්ශනය කළ සුපිරි දක්ෂතා හේතුවෙන්.
ඉනිම 4කදී බබාර් අසාම් ලකුණු 198ක් රැස් කර ඇති ඇත්තේ ලකුණු 66ක සාමාන්‍යක් හා 124.52ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.
මෙතෙක් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ රැදී සිටි එංගලන්තයේ ඩාවිඩ් මලාන්ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
බබාර් අසාම්ට ශ්‍රේණිගත ලකුණු 834ක් මේ වන විට හිමිව ඇති අතර, මලාන්ට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 798ක්.