බබාර්ගේ 196න් සවිමත් වූ පාකිස්තානයේ සුපිරි සටන හමුවේ ඔස්ට්‍රේලියාවට ජය අහිමි වෙයි
Match Report
නායක බබාර් අසාම් වාර්තා කළ ලකුණු 196න් හා මොහොමඩ් රිස්වාන් රැස් කළ ශතකයෙන් ශක්තිමත් වෙමින් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට පාකිස්තානය අද(16) සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට දෙවැනි ඉනිමේ දී ලකුණු 506ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබූ අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමටනම් පන්දුවාර 172ක් කඩුල්ලේ රැදී සිටීමේ දැවැන්ත අභියෝගයක් පාකිස්තානයට හිමිව තිබුණා.
ඔස්ට්‍රේලියාව තරගය ජය ගැනිමේ අපේක්ෂාවෙන් දෙවැනි ඉනිමේ දී පන්දුව අතට ගත් නමුත්, බබාර් අසාම් හා අබ්දුල්ලාහ් ශෆික් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ලකුණු 228 (524)ක සබදතාවය හමුවේ එම බලාපොරොත්තුව ඔවුන්ගෙන් ගිලිහී ගියා.
ශෆික් ලකුණු 96 (305)යි. සටන්කාමී ඉනිමක් දියත් කළ බබාර් පන්දු 425 කින් ලකුණු 196ක් රැස් කර සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.(දර්ශන පහතින්)
හයේ පහරක් හා හතරේ පහර 21ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
බබාර් අසාම් හා මොහොමඩ් රිස්වාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සබදතාවයක් ගොඩ නැගුවේ තරගයේ ජයග්‍රහනය පිළිබදව ද යම් බලාපොරොත්තුවක් පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින්. කෙසේ වෙතත්, බබාර්ගේ දැවී යාමත් සමග එම බලාපොරොත්තු ගිලිහී ගියා.
සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ මොහොමඩ් රිස්වාන් පන්දු 177කින් ලකුණු 104ක් නොදැවී ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 11ක් සමගින්. ඔහු ලකුණු 91ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් උස්මාන් කවාජා අතින් ගිලිහී ගියා. මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු පන්දු රැකීම ඇතැම් අවස්ථාවල දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.
තරගයේ අවසන් දිනය නිමා වන විට පාකිස්තානය කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 443ක්.
පන්දු යැවීමේ දී නේදන් ලයන් කඩුලු 4ක් හා පැට් කමින්ස් කඩුලු 2ක් දවා ගත්තා.
කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 556ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වූ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත්තේ ලකුණු 148 ක් පමණයි.
අනතුරුව කඩුලු 2ක් දැවී ලකුණු 97ක් රැස් කර සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කළා.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ද නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.
And it's the end of a beautiful innings by our captain. Babar spent 607 minutes on the crease, most by any Pakistan batter in the 4th innings.
Gets the loudest cheers from NSK. #BoysReadyHain l #PAKvAUS pic.twitter.com/apDhYk2Uy3— Pakistan Cricket (@TheRealPCB) March 16, 2022