බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිවයිනට
![](https://www.hitwicket.lk/wp-content/uploads/2023/04/bangladesh-women-team-arrived-sl.jpg)
ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(25) දිවයිනට පැමිණියා.
මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
Nigar Sultana Joty ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.
සංචිතයෙන් Salma Khatun හා Rumana Ahmed ඉවත් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබුණේ. ඒ අනුව ඔවුන් දෙදෙනාම නොමැතිව බංග්ලාදේශය එක්දින තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව බවට ශ්‍රී ලංකා සංචාරය පත් වනු ඇති.
එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී හෙට (27) පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි එක්දින තරගය මැයි දෙවැනිදා ද, තෙවැනි එක්දින තරගය මැයි 4 වැනිදා ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
20යි 20 තරගාවලිය මැයි 9 වැනිදා ආරම්භ වීමට පෙර බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු 20යි 20 තරගයක් මැයි 7 වැනිදා සී සී සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
Bangladesh squad:
Nigar Sultana Joty (c), Fargana Hoque Pinky, Shamima Sultana, Fahima Khatun, Murshida Khatun, Jahanara Alam, Sanjida Akther Maghla, Sobhana Mostary, Lata Mondal, Shorna Akter, Nahida Akter, Fariha Islam Trisna, Ritu Moni, Disha Biswas, Rabeya Khan, Sultana Khatun