Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ඉන්දියාවට එරෙහි ඉතිහාසයේ පළමු එක්දින ජය ලබයි

Match Report

ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ වාර්තා කළ සිය පළමු එක්දින තරග ජය ලැබීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(16) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 44 කට සීමා කිරීමට සිදු වුණා.

බංග්ලාදේශයට පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Nigar Sultana ලකුණු 39 ක් රැස් කළ අතර, Fargana Hoque ලකුණූ 27 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Amanjot Kaur ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

Deepti Sharma ලකුණු 20 ක් ද, Yastika Bhatia හා Amanjot Kaur ලකුණු 15 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Marufa Akter ලකුණු 29 කට කඩුලු 4 ක් හා Rabeya Khan ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලමින් බංග්ලාදේශයට ඓතිහාසික ජයක් උරුම කර දුන්නා.