බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ට 2025 වසරේදී හිමිවන වැටුප් මෙන්න

2025 වසර සදහා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් A+ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමි වූ එකම ක්‍රීඩකයා බවට ටස්කින් අහ්මඩ් පත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු මෙම වසරේදී මාසිකව බංග්ලාදේශ ටකා මිලියනක වැටුපක් ලැබීමට නියමිතයි. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් මිලියන 2.4 ක් පමණ වනවා.
A කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු කොන්ත්‍රාත් හිමි කර ගෙන ඇති අතර, ඊට නායක නජ්මුල් හොසේන් ශන්තෝ ද ඇතුළත්. බංග්ලාදේශ ටකා 800,000 ක්, එනම් රුපියල් ලක්ෂ 19.4 ක වැටුපක් එම කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමි වනු ඇති.
සාමාන්‍යයෙන් බංග්ලාදේශ නායකයා පළමු කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමි කර ගනු ලබන නමුත්, නජ්මුල් හොසේන්ට දෙවැනි කාණ්ඩය දක්වා පහතට වැටීමට මෙවර සිදුව තිබීම විශේෂත්වයක්.
B කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ටකා 600,000 ක වැටුපක් හෙවත් රුපියල් ලක්ෂ 14.5 ක වැටුපක් හිමි වනවා. C කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමි වන වැටුප ටකා 400,000 ක් (රුපියල් ලක්ෂ 9 ක් පමණ).
මෙවර ක්‍රීඩකයින් සිව් දෙනෙකුට අලුතින් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා තිබෙනවා. එනම් නහිද් රානා, ජේකර් අලී, ටන්සිඩ් හසාන් හා රිෂාද් හොසේන් යන ක්‍රීඩකයින්ටයි.
39 හැවිරිදි මහ්මුදුල්ලාහ් කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව නැහැ. ඒ, තමාව මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් සදහා සලකා නොබලන ලෙසට ඔහු විසින්ම සිදු කර තිබූ දැනුම් දීමක් හේතුවෙන්.
සෞම්‍ය සාකාර්ට හා ශඩ්මන් ඉස්ලාම්ට පිළිවෙලින් 2021 වසරෙන් පසුව හා 2022 වසරෙන් පසුව පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබෙනවා.
පසුගිය වසරේදී කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව සිටි ශකිබ් අල් හසාන්, සාකිර් හසාන්, මහ්මුදුල් හසාන් ජෝයි, නයීම් හසාන් හා නුරුල් හසාන් යන ක්‍රීඩකයින්ට මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව නැහැ.
2025 Bangladesh central contracts
- Grade A+: Taskin Ahmed
- Grade A: Najmul Hossain Shanto, Mehidy Hasan Miraz, Litton Das, Mushfiqur Rahim
- Grade B: Mominul Haque, Taijul Islam, Mahmudullah, Mustafizur Rahman, Towhid Hridoy, Hasan Mahmud, Nahid Rana
- Grade C: Shadman Islam, Soumya Sarkar, Jaker Ali, Tanzid Hasan, Shoriful Islam, Rishad Hossain, Tanzim Hasan, Mahedi Hasan
- Grade D: Nasum Ahmed, Khaled Ahmed