බංග්ලාදේශ උප නායකයා ආසියානු කුසලානයෙන් ඉවතට
බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු හා උප නායක ලිටොන් දාස්ට මෙවර ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු උණ රෝගී තත්ත්වයකින් පසු වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු ක්රීඩකයින් සමග පසුගියදා ශ්රී ලංකාවට පැමිණියේ ද නැහැ.
ඒ අනුව හෙට(31) ශ්රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය ඔහුට අහිමි වනු ඇති බවටයි මීට පෙර වාර්තා වුණේ.
කෙසේ වෙතත්, ඔහු මෙතෙක් සුවය නොලබා ඇති බැවින් තරගාවලියෙන් ඉවත් කිරීමටයි බංග්ලාදේශ ක්රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ඔහු වෙනුවට 30 හැවිරිදි කඩුලු රකින පිතිකරු අනමුල් හක් බිජෝයි බංග්ලාදේශ සංචිතයට ආදේශ කිරීමට එරට ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඔහු එක්දින තරග 44 කදී බංග්ලාදේශ කණ්ඩායම මීට පෙර නියෝජනය කර ඇති අතර, එහිදී ලකුණු 1,254 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ශතක 3 ක් ද සමගින්.
ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අද(30) මුල්තාන් හී දී ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ පාකිස්තානය හා නේපාලය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
Updated Bangladesh squad: Shakib Al Hasan (C), Najmul Hossain Shanto, Tawhid Hridoy, Mushfiqur Rahim, Afif Hossain Dhrubo, Mehidy Hasan Miraz, Taskin Ahmed, Hasan Mahmud, Mustafizur Rahman, Shoriful Islam, Nasum Ahmed, Shak Mahedi Hasan, Naim Sheikh, Shamim Hossain, Tanzid Hasan Tamim, Tanzim Hasan Sakib, Anamul Haque Bijoy