බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට 0-4 ක තරගාවලි පරාජයක්

0 49

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති පස්වන හා අවසන් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 50ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

චිතගෝන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා.

Towhid Hridoy ලකුණු 111යි.

පන්දු යැවීමේ දී රොහාන් සංජය කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 44.4 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි.

රවිදු රසන්ත ලකුණු 84ක් රැස් කළා.

දෙරට අතර පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, සෙසු තරග හතරම ජය ගැනීමට සමත් වුණේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමයි.

You might also like

Leave A Reply

Your email address will not be published.