බංග්ලාදේශය ලකුණු 83ක් ඉදිරියෙන්
Day 3 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) නිමා වුණා.
ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39ක්. සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 6කට කඩුලු 3ක් බිද හෙලුවා.
චැටග්‍රැම් හි (Chattogram) (චිතගොං) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්තා.
ලිටොන් දාස් ලකුණු 114ක් රැස් කළ අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 91ක් වාර්තා කළා. පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 286ක් පමණයි.
අබිඩ් අලී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 116ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 83ක්.