Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය ලකුණු 314ක් පිටුපසින්

Day 2 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද නිමා වුණේ තරගයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

ටමිම් ඉක්බාල් ලකුණු 47ක් රැස් කළ අතර, නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 33යි. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී වියාන් මෝල්ඩර් කඩුලු 3ක් හා ඩුවාන් ඔලිවියර් කඩුලු 2ක් බිද හෙලුවා.

පෝර්ට් එලිසබෙත්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 453ක්.

කේෂාව් මහරාජ් ලකුණු 84ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීම කැපී පෙනුණා. නායක ඩීන් එල්ගර් ලකුණු 70ක් ද, ටෙම්බා බවුමා ලකුණු 67ක් ද, කීගන් පීටර්සන් ලකුණු 64ක් ද ලබා ගත්තා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ටයිජුල් ඉස්ලාම් කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට තවත් ලකුණු 314ක් පිටුපසින් පසුවනවා.