Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය ලකුණු 180 ක් පිටුපසින්

Day 1 Report

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

හැරී ටෙක්ටර් ලකුණු 50 ක් ලබා ගත් අතර, ලෝර්කන් ටකර් ලකුණු 37 කට දැවී ගියා. කර්ටිස් කැම්පර් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත්තා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34 ක්.

නජ්මුල් හොසේන් ශන්ටෝ සිය පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ටමිම් ඉක්බාල් ලකුණු 21 කට දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 12 යි.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 180 ක්.

අයර්ලන්තය මෙලෙස ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 4 කට පමණ පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව මෙම තරගයේ දී Murray Commins, Harry Tector, Curtis Campher, Lorcan Tucker, Graham Hume හා Ben White යන ක්‍රීඩකයින් ටෙස්ට් වරම් දිනා ගත්තා.

එමෙන්ම මීට පෙර සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කර ඇති Peter Moor ද මෙම තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.