බංග්ලාදේශය පුහුණුකරුවන් ගැන තීරණයක් ගනියි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස තරග රටා ත්‍රිත්වයේම කටයුතු කළ රසල් ඩොමින්ගෝ බංග්ලාදේශ එක්දින හා ටෙස්ට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.
පසුගියදා බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කෙරුණු ඉන්දියාවේ Sridharan Sriram 20යි 20 කණ්ඩායමේ සැලසුම් සකස් කිරීම සිදු කරනු ඇති.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා පුහුණුකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව සභාපතිවරයා මේ බව නිල වශයෙන් නිවේදනය කළා.
“ආසියානු කුසලානයේ දී ප්‍රධාන පුහුණුකරුවෙක් නැහැ. අපිට පිතිකරණ පුහුණුකරුවෙකු, පන්දු රැකීමේ පුහුණුකරුවෙකු, දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු, වේග පන්දු පුහුණුකරුවෙකු ඉන්නවා. අපිට නායකයෙකුත් ඉන්නවා. ඒ එක්කම අපිට තරග සැලසුම් සකස් කරන තාක්ෂණික උපදේශකයෙකුත් ඉන්නවා. එතකොට ප්‍රධාන පුහුණුකරු මොනවා කරන්න ද? ඉතින් එයාට කරන්න කිසිම දෙයක් නැහැ” යනුවෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.