බංග්ලාදේශය ඉනිමක පරාජයක් අභියස
Day 3 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(27) අලුයම නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය කොදෙව්වන් වෙත හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.
නජ්මුල් හොසේන් ලකුණු 42කට දැවී ගිය අතර, ලිටොන් දාස් ලකුණු 19යි. නායක ශකිබ් අල් හසාන් ලකුණු 16කට දැවී ගියා. ටමිම් ඉක්බාල් ලකුණු 4කටත්, මහ්මුදුල් හසාන් ලකුණු 13කටත්, අනමුල් හක් ලකුණු 4කටත් දවා ගැනීමට කොදෙව්වන් සමත් වුණා. නුරුල් හසාන් නොදැවී ලකුණු 16යි.
පන්දු යැවීමේ දී කෙමා රෝච් කඩුලු 3ක් ද, අල්සාරි ජෝසප් කඩුලු 2ක් ද, ජෙයිඩ්න් සීල්ස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.
ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ඉනිමක පරාජයෙන් ගැලවීමටනම් තවත් ලකුණු 42ක් ලබා ගත යුතුයි.
ශාන්ත ලුසියා හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 234ක්. ලිටොන් දාස් ලකුණු 53ක් හා ටමිම් ඉක්බාල් ලකුණු 46ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජෙයිඩන් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 408ක් ලබා ගත්තා.
ඒ, ක්යල් මේයර්ස් රැස් කළ ලකුණු 146 න් ශක්තිමත් වෙමින්. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 51ක් ද ජෝන් කැම්ප්බෙල් ලකුණු 45ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් කඩුලු 5ක් දවා ගත් අතර, මෙහිදි හසාන් මිරාස් කඩුලු 3 ක් බිද හෙලුවා.