Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට පැමිණීමෙන් පසු ෆින් ඇලන්ට කොරෝනා

නවසීලන්ත පිතිකරු ෆින් ඇලන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔහු බංග්ලාදේශයේ ඩකා නුවරට පැමිණ පැය 48ක් ගත වීමෙන් පසුවයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ෆින් ඇලන් බංග්ලාදේශය බලා පිටත් වීමට පෙර එංගලන්තයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණේ නැහැ.

ඔහු එංගලන්තයේ පැවැති “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ දී Birmingham Phoenix කණ්ඩායම නියෝජනය කළ බැවිනුයි ෆින් ඇලන් නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් එංගලන්තයේ සිට එරටට ළගා වුණේ.

ඒ අනුව ඔහු මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව සදහන්.

සෙසු නවසීලන්ත ක්‍රීඩකයින් ඩකා නුවර දී සිය හෝටල් කාමර තුළ දී ම දින 3ක් නිරෝධායනයට ලක් වීමට නියමිතයි.

මෙම සංචාරයේ දී නවසීලන්තය හා බංග්ලාදේශය අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය පැවැත්වෙන්නේ ලබන පළමු වනදායි.

ෆින් ඇලන්ට තරගාවලියට ක්‍රීඩා කළ හැකි දැයි ඉදිරියේ දී තීරණය කරනු ඇති.