බංග්ලාදේශයට නව පිතිකරණ උපදේශකයෙක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස Jamie Siddons පත් කර තිබෙනවා.
වසර දෙකක කාලයක් සදහායි එම පත් කිරීම සිදු කර ඇත්තේ.
ඒ අනුව ඔහු ලබන පෙබරවාරි මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වීමට නියමිත බව සදහන්.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Jamie Siddons මීට පෙර බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද 2007 වසරේ සිට 2011 වසර දක්වා කටයුතු කළා.